ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
පස්වරු 3.00 ට ආරම්භ වන මෙම තරගය ක්‍රීඩා ලෝලීන්ට නොමිලයේ ක්‍රීඩාංගණයට පැමිණ නැරඹිය හැකියි.
තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය මෙයයි.
පළමු තරගයෙන් ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාව ලකුණු 59 කින් පරාජය වුණා.
ප්‍රතිවාදී ඔස්ට්‍රේලියාව, තමන් මුහුණ දුන් පළමු තරගයෙන් ජයග්‍රහණයක් වාර්තා කළා.
මේ දක්වා ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම් අතර පවත්වා ඇති එක්දින ක්‍රිකට් තරග සංඛ්‍යාව 11 ක්.
එම සියලු තරග ජය ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා. මේ අතර, මෙතෙක් ඉතිහාසයේ වැඩිම අවස්ථාවකදී ලෝක කුසලාන එක්දින තරගාවලියේ ශූරතාව හිමි කර ගෙන ඇත්තේ ද ඔස්ට්‍රේලියා කණ්ඩායමයි.
ඔවුන් අවස්ථා 7 කදී මෙම කිරුළ දිනා තිබෙනවා. අද චමරි අතපත්තුගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තරග කරන අතර, ඔස්ට්‍රේලියානු කණඩායමේ නායිකාව ලෙස කටයුතු කරන්නේ, ඇලීසා හේලි.
