සිංහ – බංගලි 20යි 20 සටන අද

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු 20-20 තරගය අද පල්ලෙකැලේ අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

බංග්ලාදේශය සමග පැවති ටෙස්ට් සහ එක්දින තරගාවලිය දෙකම ජය ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට පිවිසෙන්නේ, ජයග්‍රාහී මනසකින්.

අබාධයකට ලක්ව සිටින වනිඳු හසරංගට මෙම තරගාවලිය අහිමි වන බව, ක්‍රිකට් ආයතනය ඊයේ පැවසුවා.

අද තරගය රාත්‍රී 7.00 ආරම්භ වීමට නියමිතයි.