
සිතුල්පව්ව මඟුල් මහා විහාරයට පාණිය ජල පහසුකම් මෙතෙක් ලබා නොදීම හේතුවෙන් විහාරාධිපති හිමියෝ මෙන්ම විහාරස්ථානයට පැමිනෙන වන්දනා කරුවන් පීඩාවට පත්ව සිටිති.
යෝධකණ්ඩිය සිට සිතුල්පව්ව රජමහා විහාරයට යන මාර්ගයේ මඟුල් මහා විහාරභූමිය පිහිටා ඇත.කාවන්තිස්ස රජු හා විහාරමහා දේවිය හමුවූ ස්ථානය යැයි සැලකෙන මෙම ස්ථානයේ ද ස්ථූපයක් කරවා ඇති අතර පෞරාණික ගල් ලෙන් රැසක් පිහිටා ඇත.
සිතුල්පව්ව රාජමහා විහාරයට යන එන බැතිමතුන් මඟුල් මහා විහාරයටද පැමිනෙති. පෝය දිනවල මෙම ස්ථානයේද පෙහෙවස් සමාදන් වන පිරිසක්ද සිටිති.
විහාරස්ථානයට ස්ථිර පාණිය ජල පහසුකම් ලබාදීම සඳහා ජල තල එළිමට විට වසර ගනනාවකට පෙර විහාරස්ථානයට රැගෙන එන ලද ජලනල අදටත් විහාර භූමියේ ගොඩ ගසා තිබේ. එම ජලනල එළිමක් හෝ ජලය ලබාදීමක් මෙතෙක් සිදු කිරීමට පියවර ගෙන නොමැති බව මඟුල් මහා විහාරයේ විහාරාධිපති බෝපාගොඩ නාගිත හිමියෝ සඳහන් කලහ.
මඟුල් මහා විහාරයේ වැඩ සිටින ස්වාමින් වහන්සේ වශයෙන් පාණීය ජලය නොමැතිව විශාල දුකක් විඳිනව, කොලපාටට ජලය පිරී ඇති පහල පොකුණ මැද ඇති ළිදෙන් ජලය පොම්ප කර විහාරස්ථානයට ලබා ගන්නවා. එම ජලය පිරිසිදු බාවයක් නැත. බීමට කිසිම හැකියාවක් නැත. විහාරස්ථානයට පැමිනෙන අය පිටතින් ගෙනෙන වතුර තමයි බීමට ගන්නේ. පොසොන් උත්සව කාලයට වගේම සෙසු දිනවලට මෙම විහාරස්ථානයට වන්දනා කරුවන් පැමිනෙනවා. දුෂ්කර මාර්ගයක පැමිනෙන ස්ථානයක් හෙයින් මෙම ස්ථානයට පැමිණි හැම කෙනෙක්ම පාණීය ජලය සොයාගෙන එනව. ළිදෙන් ගනු ලබන ජලය බීමට ගන්න එපා කිවුවත් පිපාසයෙන් සිටින නිසා එම ජලය බීමට ගන්නවා.
මීට වසර ගනනාවකට පෙර මහින්ද රජපක්ෂ ජනාධිපතිතුමා කාලේ විහාරස්ථානයට පාණීය ජලය ලබා දෙන්න ජල නල රැගෙන ආවා. ඒ ජල නල එළිමක් හෝ ජලය ලබාදීමට ඉන්පසු වැඩ පිළිවෙලක් සකස් වූයේ නැත. තවමත් ඒ ජලනල විහාර භූමියේ තියනට රජයෙන් ඉල්ලා සිටින්නේ මඟුල් මහා විහාර භූමියට පාණිය ජල පහසුකම් ලබාදීමට කටයුතු කරන්න කියල.