
ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා වූ ඉතාලියේ ජෙනිත් සින්නර් සහ ශ්‍රේණිගත කිරීම්වල 6 වැනි ස්ථානයේ පසුවන සර්බියාවේ නොවැක් ඩිජොකාවිච් විම්බල්ඩන් ටෙනිස් තරගාවලි අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූහ.
මේ දෙදෙනා අතර අවසන් පූර්ව තරගය අද (11) පැවැත්වීමට නියමිත අතර, එම තරගය අවසන් මහ තරගයක උණුසුම ගනු ඇතැයි විචාරකයෝ මත පළ කර තිබේ.
මේ දෙදෙනා මින් පෙර 2023 වසරේ තරගාවලියේදී අවසන් පූර්ව වටයේදී එකිනෙකා හමුවූ අතර, එවර ඩිජොකොවිච් හමුවේ වට 3-0ක් ජය වාර්තා කර තිබිණි.
38 හැවිරිදි ඩිජොකොවිච් විම්බල්ඩන් ටෙනිස් ශූරතා 7ක් දිනා සිටින අතර, අවසන් වරට 2022 වසරේ ශූරතාව දිනා ගත්තේය.
23 හැවිරිදි වියේ පසුවන සින්නර් තවමත් විම්බල්ඩන් ශූරතාවක් දිනා නැනි අතර, මේ තරගාවලියේ ඔහුගේ ඉහළම දස්කම ලෙස වාර්තා වන්නේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමය. මෙවර තරගාවලියේදී මෙන්ම 2023දී ද ඔහු අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබිණි.
අර්ධ අවසන් වටයේදී ඉතාලියේ ෆ්ලේවියෝ කොබොලි වට 3-1කින් පරාජය කරමින් ද ඩිජොකොවිච් ද, අමෙරිකාවේ බෙන් ෂෙල්ටන් වට 3-0කින් පරාජය කරමින් සින්නර් ද අවසන් පූර්ව වටයට එක්වූහ.
මේ අතර කාන්තා කේවළ ඉසව්වේ අවසන් පූර්ව තරග ඊයේ රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබිණි. එහිදී බෙලරුස් ක්‍රීඩිකා අර්යානා සබලෙන්කා සහ අමෙරිකා එක්සත් ජනපද ක්‍රීඩිකා අමන්දා අනිසමෝවාත්, පෝලන්තයේ ඉගා ස්වියාටෙක් සහ ස්විට්සර්ලන්තයේ බෙලින්ඩා බෙන්සික් තරග වැදීමට නියමිතව තිබිණි.