ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ තම විශාලතම තරග ජයග්‍රහණය වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.
ඒ් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 73 කින් ජය ගනිමින්.
මෙය ඉතිහාසයට එක් වුණේ 2013 වසරින් පසුව සිම්බාබ්වේ කණඩායම තම රටේදී වාර්තා කළ පළමු ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණය ලෙසයි.
තරගය හරාරේහිදී පැවැත්වුණා.
පළමු ඉනිම සදහා ඇෆ්ගනිස්ථානය රැස් කළ ලකුණු සංඛ්‍යාව 173 ක්.
ඊට පිළිතුරු ලෙස සිම්බාබ්වේ කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 359 ක් රැස් කළා.
අනතුරුව තම දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථාන සියලු ක්‍රීඩකයින් ලකුණු 159කට දැවී ගියා.
වැඩිම ලකුණු ලාභියා වූ ඊබ්‍රහිම් සාඩ්‍රන් ලකුණු 42 යි.
පන්දු යැවීමේදී රිචඩ් නගර්වා කඩුලු 5 ක් දවා ගත්තා.
