දකුණු සිරියාවේ සතියක් පුරා පැවති ගැටුම් වලින් පුද්ගලයින් 638 දෙනෙකු මිය ගොස් 80,000කට ආසන්න සංඛ්‍යාවක් අවතැන් වී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.
ගැටුම් නතර කිරීමට සිරියානු අන්තර්වාර රජය සහ ඊශ්‍රායල සමග සටන් විරාමයක් ඇති කිරීමට ඇමෙරිකාව මැදිහත් වී තිබෙන බවයි වාර්තා වන්නේ.
දකුණු සිරියාවේ ඩෲස් සහ බෙඩොයින් ප්‍රජාව අයත් සන්නද්ධ කල්ලි අතර සතියක පමණ කාලයක් මුළුල්ලේ සටන් ඇතිවුනා.
ඉන් පසුව එය සමතයකට පත් කිරීම සදහා සිරියානු අන්තර්වාර රජය සිය හමුදා සටන් ඇතිවූ සුවේඩා ප්‍රදේශයට පිටත් කර හැරියා.
කෙසේවෙතත් සිරියානු රජය බෙඩොයින් ප්‍රජාව පක්ෂපාති බවත්, සිරියානු හමුදා ඩෲස් ප්‍රජාව ඝනය කිරීම්, මංකොල්ල කාම වැනි ප්‍රචණ්ඩ ක්‍රියා කරන බවට චෝදනා එල්ල වුණා.
ඉන්පසුව ඊශ්‍රායල සිය පක්ෂපාති ඩෲස් බේරාගැනීම සදහා සිරියානු රජයේ හමුදා ඉලක්ක වෙත සහ දමස්කස් අගනුවරට ප්‍රහාර එල්ල කරා. මේවනවිට ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 638 දෙනෙකු මිය ගොස් 80,000 කට ආසන්න සංඛ්‍යාවක් අවතැන් වී ඇති බවයි වාර්තා වන්නේ.
