සිරියාවේ ඩමස්කස් නුවර ආගමික ස්ථානයක සිදුවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් විසි දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
63 දෙනෙකු තුවාල ලබා ඇති බවයි සිරියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ.
ඊයේ සවස ග්‍රීක ඕතර්ඩොක්ස් නිකායට අයත් පල්ලියක් තුළදී පුද්ගලයෙකු පැමිණ සිටි පිරිසට වෙඩි තබා ඇති අතර, පුපුරන ද්‍රව්‍ය රඳවාගෙන සිටි කබායක්ද පිරිස අතරදි පුපුරුවාගත් බවයි වාර්තා වන්නේ.
ප්‍රහාරකයා අයි එස් අයි එස් ඉස්ලාමීය ජිහාඩ් ත්‍රස්තවාදී කණ්ඩායමකට අයත් පුද්ගලයෙකුද බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
