සුන්බුන් මැද වැළලුණු මල් කැකුළු

මේ වන විට ඉරානය තුළ දරුවන් 204 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන රතු අඩසඳ සංගමය වාර්තා කර සිටිනවා.

මියගිය පිරිස අතර වයස අවුරුදු පහට අඩු දරුවන් 53 දෙනෙකු සහ ගර්භණී මාතාවන් දෙදෙනෙකු ද වන බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

දරුවන් සහ ගර්භණී මාතාවන් ඉලක්ක කර ගනිමින් එල්ල වන මෙම ප්‍රහාර හුදු යුදමය සිදුවීමකට එහා ගිය මානව ගරුත්වය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බව ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරනවා.

පවතින ගැටුම් හේතුවෙන් මේ වන විට සිවිල් වැසියන් 18,000කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර පාසල් 498ක් සහ වෛද්‍ය මධ්‍යස්ථාන 251ක් ද ගුවන් ප්‍රහාරවලින් විනාශ වී තිබෙනවා.

මීට අමතරව රතු අඩසඳ මධ්‍යස්ථාන 17ක් ඇතුළුව සමස්තයක් ලෙස සිවිල් නිවාස 70,000කට අධික සංඛ්‍යාවකට හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

යුද බිය හමුවේ ඉරානය තුළ සිවිල් ජනජීවිතය මුළුමනින්ම අඩාල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.