
සුවද විලවුන් වගයක් ආග්‍රහණය කල පාසල් සිසුන් තිදෙනෙකු ක්ලාන්තය, වමනය සහ ශ්වසන අපහසුතා හේතුවෙන් (16) දින තම රෝහලට ඇතුලත් කල බව ලිදුල ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරි අසේල මල්ලවආරච්චි මහතා පැවසීය.
තවලකැලේ නගරයේ ප්‍රධාන දමිළ පාසලක 6 වසරේ අධ්‍යාපනය ලබන සිසුවෙකු (16) දින පාසලට සුවද විලවුන් බෝතලයක් රැගෙන විත්, එය ඔහුගේ පන්තියේ මිතුරන් කිහිප දෙනෙකුට ස්ප්‍රේ කර (ඉස) ඇති අතර, පසුව එම සිසුන් රෝගාතුර වී ඇති බවයි වෛද්‍ය නිළධාරිවරයා කියා සිටියේ.
රෝහල් ගත කල සිසුන්ගේ තත්වය බරපතල නොවන බවද වෛද්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
අප මේ සම්බන්ධයෙන් එම විදුහලේ විදුහල්පතිතුමියගෙන් අප කල විමසුමකට ඇය කියා සිටියේ 6 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු හිසේ කැක්කුමකට භාවිතා කරන ඖෂධ බෝතලයක් සුවද විලවුන් යැයි සිතා රැගෙන විත් ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකුලේ නිළ ඇදුමට ස්ප්‍රේ කර(ඉස) ඇති බවයි.