පාතාල කල්ලි නායකයකු බව කියන ගනේමුල්ලේ සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දී නමැත්තියගේ බැංකු ගිණුමකට රුපියල් 50000/- ක මුදලක් බැර කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් පුද්ගලයකු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හමුවට ඉදිරිපත් කළා.
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු විසින් ඉෂාරා සෙව්වන්දී නමැත්තියගේ බැංකු ගිණුමට මුදල් සම්ප්‍රේෂණය කර ඇති බවයි.
එම ඝාතනය සිදුවූ වකවානුවේ මෙම මුදල් තැන්පත් කිරීම් සිදු කර තිබෙන බවත් සැකකරුගේ ගිණුමට මෙම මුදල් මාර්ගගත ක්‍රමයට තැන්පත් කර තිබෙන බවත් පොලිසිය පැවසුවා.
අදාළ සැකකරුට මෙම මුදල් ලැබුණේ පාතාල කල්ලි සාමාජිකයින්ගෙන් දැයි සොයා බැලීම සඳහා විමර්ශන සිදු කරන බවත් එම විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අදාළ සැකකරු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.
