බස් රථවල සිදුවන කාන්තා හිංසනය පිටුදැකීම සඳහා හදිසි ඇමතුම් අංකයක් සහිත ස්ටිකරයක් ඇලවීමේ වැඩසටහනක් ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් මාතරදී ඊයේ පැවැත්වුණා.
1998 අංකයෙන් කාන්තා උපකාරක සේවයද, 1929 අංකයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියද 1933 අංකයෙන් ශ්‍රි ලංකා පොලිසීයේ ළමා හා කාන්තා ඒකකයද ඇමතිය හැකියි. “ඔබේ නිහඬ බව ඔවුන්ට බලයකි.
හඬ අවදි කරමු – සුරක්ෂිත සමාජයක් ගොඩනගමු” යන තේමාවෙන් එම වැඩසටහන සංවිධාන කර තිබුණා. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය හා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් වැඩසටහන සංවිධාන කරනු ලැබුවා.
