හමාස් සංවිධානයේ සන්නද්ධ අංශයේ මාධ්‍ය ප්‍රකාශක අබු ඔබෙයිඩා මිය ගොස් ඇති බව ඊශ්‍රායලය පවසනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, ගාසා නගරයට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ඔහු මියගිය බවයි.
මෙම මරණය පිළිබඳව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් සහ ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ඊශ්‍රායල ආරක්ෂක ඒජන්සිය වන ෂින් බෙට් වෙත සතුට පළ කර තිබෙනවා.
එහෙත්, හමාස් සංවිධානය ඔහුගේ මරණය පිළිබඳව මෙතෙක් තහවුරු කර නැහැ.
නේවාසික ගොඩනැගිල්ලකට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් සිවිල් වැසියන් පිරිසක් මිය ගොස් හෝ තුවාල ලැබූ බව හමාස් සංවිධානය මීට පෙර සඳහන් කළා.
ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා ඊයේ අනතුරු ඇඟවූයේ තවත් හමාස් සාමාජිකයින් ඉදිරියේදී ඉලක්ක වනු ඇති බවයි.
ඊශ්‍රායලය නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශයේ සඳහන් වන්නේ, ඔබෙයිඩා හමාස් ත්‍රස්තවාදී සංවිධානයේ මහජන සම්බන්ධීකාරක ලෙස සහ හමාස් ප්‍රචාරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ සාමාජිකයෙකු බවයි.
සිකුරාදා සිදුකළ ඔහුගේ අවසන් කතාවේදී, සඳහන් කර ඇත්තේ, ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගේ ඉරණම හමාස් සටන්කරුවන්ගේ ඉරණමට සමාන වනු ඇති බවයි.
ඊශ්‍රායලය සැලසුම් කර ඇති, ගාසා නගරය ආක්‍රමණය කිරීමට එරෙහිව අනතුරු අඟවන බවත් ඔබෙයිඩා එහිදී පවසා තිබෙනවා.
