
මහියංගණ නගරයේ පෞද්ගලික බස් නැවතුමේ ජංගම දුරකථන අළෙවිසැලක් පවත්වාගෙන යමින් එහි හිමිකරු අයිස් මත්ද්‍රව්‍ය හා මත් කරල් අළෙවි කරමින් සිටියදී උපායදූතයෙකු මාර්ගයෙන් මහියංගණ පොලිසිය විසින් ඊයේ 03 දින සවස අත් අඩංගුවට ගනු ලැබීය. එලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ මහියංගණ දෙහිගොල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.