මදුරුවන් නොමැති රටක් ලෙසින් හඳුනාගෙන තිබූ අයිස්ලන්තයෙන් පළමුවරට මදුරුවන් සොයාගෙන තිබෙනවා.
මෙවර වසන්ත සමයේ දී එරට උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ යෑම හේතුවෙන් මදුරුවන් බෝවීමට හේතුවක් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ.
කෘමීන් පිළිබද විවිධ පර්‍යේෂණ කිරීම සදහා උනන්දු (Bjorn Hjaltason) මහතා පසුගිය සතියේ රාත්‍රීන් කිහිපයකදී වයින් පොඟවා ගත් ලණු භාවිතා කරමින් සලබයන් නිරීක්ෂණය කරමින් සිටියදී මෙම මදුරුවන් හමුවී තිබෙනවා.
එහිදී ගැහැණු මදුරුවන් දෙදෙනෙකු සහ එක් පිරිමි මදුරුවෙකු සොයා ගෙන ඇත.
අයිස්ලන්තයෙන් මදුරුවන් සොයාගැනීමට පෙර එරට හා ඇන්ටාක්ටිකාව ලෝකයේ මදුරුවන්ගෙන් තොර ප්‍රදේශ ලෙස නම්කර තිබුණා.
