හිරණ වෙඩි තැබීමක් පුද්ගලයෙකුට තුවාල

අද (11) අලුයම් කාලයේදී හිරණ, මාලමුල්ල ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ නිදා සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.

නාඳුනන පුද්ගලයෙකු විසින් නිවසේ ජනේලයක් බිඳ වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවටයි පොලීසිය සඳහන් කළේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රථිකාර සඳහා පානදුර රෝහලට ඇතුළත් කර ඇත.

තුවාලකරු වයස අවුරුදු 32ක්වූ මාලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වෙඩි තැබීමට හේතුව හා සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ.

වෙඩිතැබීම සඳහා පිස්තෝල අවියක් භාවිත කර ඇති බවට පොලීසිය සැක කරනව‍ෙ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 3ක් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.