හොරණ කොළඹ මාර්ගයේ මාරක අනතුරක්

හොරණ කොළඹ මාර්ගයේ වැලිගම්පිටිය ප්‍රදේශයේදී අද (09) දින අළුයම් කාලයේ පොකුණුවිට දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අයිනේ නවතා තිබූ බස් රථයක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා හොරණ රෝහල වෙත ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.

මරණකරු වයස අවුරුදු 23 ක් වූ පැල්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය හොරණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර හොරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.