හොරණ පෝරුවදණ්ඩේ අවාසනාවන්ත ඉරණම

හොරණ, පෝරුවදණ්ඩ ප්‍රදේශයේ නිවසකදී ඊයේ (24) දින උදෑසන පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර තිබෙනවා.

හොරණ පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මරණකරු වයස අවුරුදු 32 ක් වූ පෝරුවදණ්ඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු අසල නිවසකට ගොස් දොර ජනෙල්වලට පහරදී ආරවුලක් ඇතිකරගෙන ඇති අතර එම නිවසේ සිටි කාන්තාවක් විසින් ඒ සම්බන්ධව මරණකරුගේ බිරිඳට දැනුම් දී ඇත.

එම අවස්ථාවේ මරණකරුගේ බිරිඳ එම නිවසට පැමිණ එම කාන්තාව සමඟ මරණකරුට ඉදලකින් පහරදීමක් සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර හොරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.