වියළි කාලගුණ තත්ත්වය හමුවේ අද (07) හෝමාගම කලාප අංක 02 ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.
පෝෂක ජලාශ මගින් ක්‍රියාත්මක ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථාන වල පමණක් ජලාශ වල ජල මට්ටම සීඝ්රයෙන් පහළ යන බැවින් නිෂ්පාදනය සීමා කර ඇත.
එම ජල පිරිපහදු මධ්‍යස්ථාන මගින් ජලය සපයනු ලබන ප්‍රදේශයන් සඳහා ජල සැපයුම පහත වේලාවන් අනුව සීමා කෙරේ.
ඒ අනුව හෝමාගම නගරය, වැකන්ද, පින්කෙත පාර, වලව්ව පාර, ගැමුණු මාවත, අතුරුගිරිය පාර, ගලවිල වත්ත, නියඳගල, මාගම්මන, මහකටුවාන, දෙනිය, දියගම විශ්වවිද්‍යාලය යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවනු ඇත.
