
තරග සංචාරයකට එක්වීම සඳහා ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඊයේ පස්වරුවේ ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගියේය. එරටදී ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රේලියාව ‘ඒ’ කණ්ඩායම් අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියක් සහ තරග දෙකකින් සමන්විත සිවුදින නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට නියමිතය.
එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා ‘ඒ’ පිල මෙහෙයවීමේ වගකීම ළහිරු උදාරට පැවරී ඇති අතර, සිවුදින තරගාවලියේදී පසිඳු සූරියබණ්ඩාර ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ඇත.
මේ ක්‍රීඩකයන් දෙදෙනාම එක්දින සහ සිවුදින සංචිත දෙකටම ඇතුළත්ව ඇති අතර, ලසිත් කෲස්පුල්ලේ, සහන් ආරච්චිගේ, චාමික වික්‍රමසිංහ සහ දුෂාන් හේමන්ත එක්දින සංචිතයට පමණක් ඇතුළත්ව සිටිති.
රවිඳු රසාන්ත, විෂාද් රන්දික, සොහාන් දි ලිවේරා, අසංක මනෝජ් සහ නිශාන් පීරිස් සිවුදින තරගාවලි සඳහා පමණක් නම් කර තිබේ.
දෙපිල අතර එක්දින ක්‍රිකට් තරගාවලිය මේ මස 4, 6 සහ 9 දිනවල පැවැත්වෙන අතර, සිවුදින තරග දෙක ජූලි 13 සහ 20 වැනිදා ආරම්භ කිරීමට නියමිතය. මේ තරගාවලි ද්විත්වයේ සියලු තරග ඔස්ට්‍රේලියාවේ උතුරු ප්‍රදේශයේ පිහිටි ඩාර්වින් නුවරදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා ‘ඒ’ එක්දින සංචිතය – ළහිරු උදාර (නායක), කමිල් මිෂාර, ලසිත් කෲස්පුල්ලේ, පසිඳු සූරියබණ්ඩාර, නුවනිඳු ප්‍රනාන්දු, පවන් රත්නායක, සහන් ආරච්චිගේ, සොනාල් දිනූෂ, චමිඳු වික්‍රමසිංහ, ශිරාන් ප්‍රනාන්දු, ඉසිත විජේසුන්දර, ප්‍රමෝද් මදුෂාන්, මොහොමඩ් ශිරාස්, දුෂාන් හේමන්ත, වනුජ සහන්.
ශ්‍රී ලංකා ‘ඒ’ සිවුදින සංචිතය – පසිඳු සූරියබණ්ඩාර (නායක), ළහිරු උදාර, කමිල් මිෂාර, රවිඳු රසාන්ත, නුවනිඳු ප්‍රනාන්දු, පවන් රත්නායක, විෂාද් රන්දික, සොහාන් දි ලිවේරා, සොනාල් දිනූෂ, ශිරාන් ප්‍රනාන්දු, ඉසිත විජේසුන්දර, අසංක මනෝජ්, මොහොමඩ් ශිරාස්, ප්‍රමෝද් මදුෂාන්, වනුජ සහන්, නිශාන් පීරිස්.
තරග කාලසටහන
ජූලි 4 දා: පළමු එක්දින තරගය
ජූලි 6 දා: දෙවැනි එක්දින තරගය
ජූලි 9 දා: තෙවැනි එක්දින තරගය
ජූලි 13 – 16 දක්වා: පළමු සිවුදින තරගය
ජූලි 20 – 23 දක්වා: දෙවැනි සිවුදින තරගය