දකුණු ආසියානු වයස අවුරුදු 16 න් පහළ පැසිපන්දු තරගාවලියේ ඊයේ පැවති තරගවලින් ශ්‍රී ලංකා බාලක සහ බාලිකා කණ්ඩායම් දෙකම ජය හිමිකර ගත්තා. ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරග වැදුනේ බංග්ලාදේශය සමගයි. තරගාවලිය මාලදිවයින්හීදි පැවැත්වෙනවා.
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් බංග්ලාදේශය සමග තරගය මෙහිදී ජයගත්තේ ලකුණු 116 ට 28 ක් ලෙසයි. එහි පළමු අර්ධයේ ලකුණු තත්වය සටහන්වූයේ 62 ට 16 ලෙසයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් ජෙරල්ඩ් ඒරන් රැස්කළ ලකුණු සංඛ්‍යාව 22 ක්. ශ්‍රී ලංකා ක්‍රිඩකයින් තරගාවලියේ තමන් සහභාගි වු පළමු තරගයෙන් මාලදිවයින් කණ්ඩායම පරාජයට පත්කළා.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඊයේ තරග වැදුනේ මාලදිවයින් කණ්ඩායම සමගයි. එම තරගයෙන් ලකුණු 71 ට 45 ක් ලෙස ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. පළමු අර්ධයේදි ලකුණූ තත්වය සටහන් වූයේ 30 ට 16 ක් ලෙසයි. විනුති ජයසිංහ රැස්කළ ලකුණු සංඛ්‍යාව 24 ක්.
