සමාජය සවිබල ගැන්වීම හා ආර්ථික ප්‍රතිලාභ සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා වත්මන් රජය ක්‍රියාත්මක කරන ප්‍රමුඛතම වැඩසටහනක් වන්නේ ”ප්‍රජා ශක්ති”.
ප්‍රජා ශක්ති ජාතික වැඩසටහන හෙට දිවයින පුරා ආරම්භ කිරීමට නියමිතයි.
එහි ජාතික උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදි පැවැත්වෙනවා.
මේ වනවිට ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් සෑම හය දෙනෙකුගෙන් එක් අයෙකුම බහුමාන දරිද්‍රතාවයෙන් පෙලෙන බවයි හඳුනාගෙන ඇත්තේ.
ඉන් සියයට 95 යි දශම 3 ක්ම අයත් වන්නේ ග්‍රාමීය හා වතු ආශ්‍රිත ප්‍රදේශවලටයි.
මෙම තත්වය අඛණ්ඩව ඉදිරියටත් පැවතුණහොත් රටේ ආර්ථික හා නිෂ්පාදන ක්‍රියාවලියට එය හානිකර ලෙස බලපාන කරුණක්.
ඒ අනුව, සමාජය සවිබල ගැන්වීම සහ අවදානම් සහගත කණ්ඩායම් තොරාගෙන විධිමත් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළකට යොමු කිරීම ප්‍රජා ශක්ති වැඩපිළිවෙළේදි සිදුකෙරෙනවා.
විවිධ රජයන් යටතේ ක්‍රියාත්මක වු දිළිදුකම පිටුදැකීමේ වැඩසටහන් වෙනුවට ප්‍රජාව සවිබල ගැන්වීමේ ඒකාබද්ධතා ප්‍රවේශයක් ඔස්සේ ප්‍රජා ශක්ති වැඩසටහන ක්‍රියාවට නැංවීම විශේෂත්වයක්.
මෙරට දිළිදු බව පිටුදැකීමට ඉහළම දායකත්වයක් සපයා ඇති අධ්‍යාපන ක්ෂේත්‍රය, දිළිදු බව තුරන් කිරීමේ ප්‍රවේශයක් ලෙස මෙතෙක් විධිමත් ලෙස හඳුනාගෙන නැහැ.
එවැනි උපාය මාර්ගයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් මෙම ඒකාබද්ධ ප්‍රවේශය සකස් කිරීමට නියමිතයි.
දරිද්‍රතාවට බලපාන සෞඛ්‍ය, ප්‍රවාහනය, ආහාර සුරක්ෂිතතාව, අලෙවිකරණ වැනි අංශ කෙරෙහිද යොමු කෙරෙන්නේ සුවිශේෂි අවධානයක්.
ඒ අනුව, නව ප්‍රවේශ ඔස්සේ ප්‍රජාව සවිබල ගැන්වීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට නව ව්‍යුහාත්මක වෙනස්කම් තුනක් යෝජනා කර තිබෙනවා.
ජාතික මට්ටමේදි ප්‍රජා ශක්ති ජාතික ප්‍රතිපත්ති සභාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ස්ථාපනය කෙරෙනවා.
එය අමාත්‍යවරුන් 9 දෙනෙකුගේ සාමාජිකත්වයෙන් සමන්විතයි. මෙම වැඩසටහන නව ව්‍යුහාත්මක වෙනස්කම් ඔස්සේ ක්‍රියාත්මක කිරීම ජාතික ප්‍රතිපත්ති සභාවේ අරමුණයි.
මීට අමතරව ප්‍රතිපත්ති සභාවේ තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රජා ශක්ති ජාතික මෙහෙයුම් කමිටුවක්ද ස්ථාපනය කෙරෙනවා.
මෙම ජාතික වැඩසටහන ප්‍රාදේශිය, දිස්ත්‍රික්, අමාත්‍යාංශ හා පළාත් සභා ඔස්සේ ජාතික මට්ටම දක්වා සම්බන්ධීකරණයට ග්‍රාම නිලධාරි කොට්ඨාස මට්ටමින් ප්‍රජා සංවර්ධන සභාවක්ද ස්ථාපනයටයි පියවර ගෙන ඇත්තේ.
එමගින් සමාජ සුරක්ෂිතතාව ලබාදිය යුතු පිරිස් හඳුනා ගැනෙනවා. රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ගොඩනැංවීම වෙනුවෙන් හඳුන්වාදෙන ප්‍රජාශක්ති ජාතික වැඩසටහනේ සමාරම්භය හෙට ජාතික රූපවාහිනිය ඔස්සේ පස්වරු 2.00 සිට සජීව ලෙස විකාශය කිරීමට නියමිතයි.
