
2024 නැගෙනහිර පළාතේ වයස අවුරුදු 16 අඩු දරුවන් 304දෙනෙක් අපයෝජනයට ලක්ව ඇති බවත් අම්පාර කොට්ඨාසයේ පමණක් දරුවන් 101දෙනෙක් එසේ අපයෝජනයට ලක්ව ඇති බව නැගෙනහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතී නිතිඥ වරුණ ජයසුන්දර මහතා සඳහන් කර සිටි.
ඒ මහතා මෙම අදහස් දක්වා සිටියේ ඊයේ අම්පාර මුලස්ථාන පොලිසියේ ළමාහා කාන්තා අපයෝජන නිවාරණ කාර්ංශයේ ශ්‍රවණාගාරයේ දි පැවති සරෝජා මහජන ආරක්ෂක සංකලප මත ගොඩ නැගෙන ළමා සහ කාන්තා අපයෝජන පිළිබඳ දැනුවත් කිරිමේ වැඩසටහනෙදිය.
මෙම අවස්ථාවට අම්පාර පොලිස් කොට්ඨාසයේ පොලිස් අධිකාරි වරුන් කොට්ඨාසයේ පොලිස් ස්ථානාධිපතිවරුන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නිලධාරීන් එක්ව සිටිහ.
දෙමාපියන්ගේ රැකවරණය නිසි පරිදි නොලැබෙන අනාරක්ෂිත දරුවන් පිළිබඳ නිසි අවධානය යොමු කර ඔවුන් ආරක්ෂක කිරිම මෙම වැඩ සටහනේ මුලික අරමුණ විය.
මෙහිදි පොලිස්ථාන මට්ටමෙන් මෙම තෙරතුරු නිසිපරිදි සොයාබැලිම් කෙරෙනවද යන්න සහ එම තොරතුරු සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මට්ටමින් පවතින තෙරතුරු වල ඇති වෙනස් කම් පිලිබද අවදානය යොමු කරන ලදී.
තවද පොලිස් බල ප්‍රදේශය මට්ටමින් එම ප්‍රදේශවල සිටින ජනගහනයත් සමග පවතින තොරතුරු පිලිබද ඇති ගැටලු පිලිබදව අවදානය යොමු කරන ලදි.
එසේ නිවැරදි තොරතුරු නොමැති ප්‍රදේශ නැවත සමික්ෂනය කර නිවැරදි තොරතුරු ලබාගත හැකි ක්‍රම වේද පිලිබද අවදානය යොමු කරන ලදී.
පොලිස්ථාන 57 ස්ථාපිත කරලා තියෙනවා නැගෙනහිර පළාතේ .එහෙම තියෙන එකේ කෙනෙකුට හිතෙන්න පුළුවන් සරෝජා කියන වැඩසටහනක් අපි අද අම්පාර පොලිස් කොට්ඨාශය මේ ආකාරයට දියත් කරන්නේ කියලා.
මේක ලොකු හයියක් අපිට ඒ කියන්නේ පොලිසියට මේ පොලිසියට පැවරෙන ප්‍රධානම නීති හා සාමය රකින කාර්යය තනියෙන් කරන්න බෑ.
ඒ නිසා තමයි මේක කාලයකට කලින් ඉස්සර යුද්ධ කාලේ මේ හඳුන්නුවේ සිවිල ආරක්ෂක කමිටු කියලා. දැන් මේක ප්‍රජා පොලිස් කමිටුවෙලා, දැන් මහජන ආරක්ෂක කමිටු කියනවා. මේ මහජන ආරක්ෂක කමිටුව හරහා අපේ ප්‍රදේශයේ අපේ පොලිස් බල ප්‍රදේශවල ඉන්න අනාරක්ෂිත දරුවන් හඳුනා ගැනීමේ වැඩසටහන තමයි මේ සරෝජා කියලා හඳුන්වන්නේ.
2018 ඉඳන් ගත්තොත් එහෙම පොලිසිය ප්‍රධාන වශයෙන් ළමුන් කාණ්ඩ තුනක් අඳුරගන්නවා මං හිතන්නේ මගෙත් එක්ක මගේ සහෝදර වයසෙ මහත්වරු දන්නවා ඇති අපි අඳුර ගන්නවා අනාරක්ෂිත දරුවෝ වින්දිත දරුවෝ සහ චූදිත දරුවා කියලා කාණ්ඩ තුනක් තියෙනවනේ.
මේ මහත්මාත්මයින් දන්නවා ඇති මේ වර්ග තුන තමයි සමාජයේ අපිට දකින්න ලැබෙන කාණ්ඩ තුන. එතකොට 2018 ඉඳන් මේ ලංකා පොලිසියේ අපේ යන වැඩසටහනක් තියෙනවා මේ වයස මහත්තුරු දන්නවා ඇති අපි පොලිස් ස්ථාන මට්ටමින් මේ කියන අනාරක්ෂිත දරුවෝද වින්දිත දරුවෝද චූදිත දරුවෝද වර්ගීකරණය කරලා ලේඛනගත කරලා පවත්වාගෙන යනවා
මට දෛනිකව නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා විදිහට දෛනිකෝ වාර්තා වෙනවා මේ පළාතේ ප්‍රධානම අපරාධ ගත්තොත් එහෙම අපි ගත්තොත් විශේෂ ගණයේ අපරාධ වර්ග 16ක් තියෙනවා. හැමදාම වාර්තා වන අපරාධයක් තමයි මේ අවුරුදු දාසයට අඩු දරුවන්ට වන ලිංගික අපයෝජන බරපතල ලිංගික අපයෝජන ඒ වගේම ලිංගික හිංසන ශ්‍රී දූෂණ සහ කෲරත්වය කියන වැරදි වැඩියෙන්ම වාර්තා වෙන්නේ නැගෙන පළාතේ මේ අවුරුදු දාසයට අඩු දරුවන්ට
ඒ වගේම මේ දෛනිකව අතවරයන්ට කෲරත්වයට නැත්නම් දූෂණයට ලක්වෙන මෙම අවුරුදු දාසයට අද දරුවන් ගත්තොත් සියයට අනූවක්ම අනාරක්ෂිත දරුවෝ එතකොට අපි අපේම ප්‍රශ්නයක් අහන්න ඕනේ අපි මේ කියන වැඩපිළිවෙළ අපේ පොලිස් බල ප්‍රදේශ මට්ටමින් මේ අනාරක්ෂිත දරුවෝ කියලා අදුර ගත්ත එක සාර්ථක ද කියලා.
ඇත්තටම සාර්ථක නෑ.අපි යම් අපරාධයක් වුනාට පසුව තමයා දැන ගන්නේ අනාරක්ෂිත දරුවෝ කියලා.
පහුගිය පැය 24 තුළ නැගෙනහිර පළාතේ අවුරුදු 16 අඩු දරුවෝ දෙනෙක් දුෂණයට ලක්වෙගා තියෙනවා.මම මුලින්ම අහන්නේ මේ දරුවගේ අම්මා තාත්තා ඉන්නවද .නමුත් වැඩියෙන්ම කියන්නේ නෑ එක්කෝ අම්මා රට ගිහින් තාත්තා දාලා ගිහින් අනාරක්ෂිත දරුවෝ.
ඊට පස්සේ මම අහන්නේ මේ දරුවා අනාරක්ෂිත දරුවෙක් කියගා මිට පෙර වාර්තා වෙලා තියෙනවද කියලා .එත කොට අහන්න ලැබෙන්නේ එහෙම නෑ කියලා.
නින්දවුර්වල ඊයේ වයස අවුරුදු 13මාස 10 දරුවෙක් පේස්බුක් එකේ හමුවුන පිරිමි කෙනෙක් 17වෙනිදා හම්බ වෙන් කොළඹ ගිහින් ටෙක්නිකල හංදියේ ලැගුම් හලක ඉඳලා නැවත දුෂනයට ලක්වෙලා පැමිණ තිබේනවා.
පසුගිය පැය විසි හතර තුල 2 දුෂනයට ලක්වෙලා.
පසු ගිය වසරේ නැගෙනහිර පළාත් දරුවන් 304 දුෂනයට ලක්වෙලා අම්පාර කොට්ඨාසයේ පමණක් 101 දුෂනයට ලක්වෙලා.