2025-2026 ශ්‍රීපාද වන්දනාවාරය ආරම්භ කිරිම සදහා නල්ලතන්නියේ සිට ශ්‍රී පාද උඩ මළුව දක්වා වෝට් 33000 අධි බලැති විදුලි රැහැන් පද්ධතිය ප්‍රතිසංස්කරණය කෙරේ

2025-2026 ශ්‍රී පාද වන්දනාවාරය ආරම්භ කිරිමට ප්‍රථම හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුව්නගේ පහසුව තකා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීම සදහා නල්ලතන්නියේ සිට ශ්‍රී පාද උඩ මළුව දක්වා ඇද ඇති වෝට් 33000 අධි බලැති විදුලි රැහැන් පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු ලංකා විදුලි බල මණ්ඩලය මගින් (21) දින ආරම්භ කෙරිණ.

එම මාර්ගයේ ඇද ඇති අධි බලැති විදුලි රැහැන් පද්ධතියට අකුණු සැර නොවදින සේ අලුත් තාක්ෂණ උපකරණ සවි කිරිමටත් කැඩී ගොස් ඇති විදුලි කණු සහ උපාංග වෙනුවට අලුතින් සවි කිරිමේ කටයුතු සිදු කරන බවයි මධ්‍යම පළාත් 02 ප්‍රධාන ඉංජිනේරු බෙදාහැරීම් සහ නඩත්තු ඉංජිනේරු එම්.අයි.රිම්ශාඩ් මහතා කියා සිටියේ.

මෙම නඩත්තු කටයුතු සදහා නුවරඑලිය, ගිනිගත්හේන, කෑගල්ල, පේරාදෙණිය යන වැඩ ඒකක වල සේවකයින් 80 දෙනෙකු පමණ සහභාගි කර ගත් බවත්, 2025-2026 ශ්‍රි පාද වන්දනාවාරය අවසන් වන තෙක් එම විදුලිය ලබා දිමේ නඩත්තු කටයුතු සිදු කරන බවයි එම්.අයි.රිම්ශාඩ් මහතා කියා සිටියේ.

2025-2026 ශ්‍රී පාද වන්දනාවාරය එළබෙන උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කරන බවත්, ඒඅනුව අවාරයේ ගල්පොත්තාවල ශ්‍රි පාද රජමහා විහාරස්ථානයේ තැම්පත් කර ඇති සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාවන්, පූජා භාණ්ඩ 2025.04.03 දින එම විහාරස්ථානයේ සිට මාර්ග 04ක් ඔස්සේ ශ්‍රී පාද උඩමළුව වෙත වඩම්මවා ශ්‍රී පාද වන්දනාවාරය ආරම්භ කරන බවයි ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර , ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන , බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් කියා සිටියේ.