AFC ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුස්සන් තේරීමේ තරගාවලියේ ටර්ක්මිනිස්තානය සමග අද පැවති තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

මෙරට පාපන්දු ඉතිහාසයේ ශ්‍රී ලංකාව හමුවේ ටර්ක්මිනිස්තානය පරාජය වූ පළමු අවස්ථාව මෙයයි.

තරගය අද පැවැත්වුණේ, කොළඹ තුරගතරග පිටියේදී.

පළමු අර්ධය අවසන් වන තෙක් දෙපිළම ගෝල වාර්තා කළේ නැහැ. දෙවැනි අර්ධයේදී ලියෝන් පෙරේරා ශ්‍රී ලංකාව වෙනුවෙන් ගෝලයක් වාර්තා කළා.

නමුත්, තරගය අවසන් වන තෙක් ප්‍රතිවාදී ටර්ක්මිනිස්තානය ගෝලයක් වාර්තා කළේ, නැහැ. ඒ අනුව ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේ ගෝල 1 ට 0 ක් ලෙසයි.

ලොව පාපන්දු කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ අනුව ටර්ක්මිනිස්තානයට 138 වැනි ස්ථානය හිමිව ඇති අතර, ශ්‍රී ලංකාව පසුවන්නේ 197 වැනි ස්ථානයේයි.