හිටපු පාර්ලමේන්තු මන්ත්‍රී හිරුණිකා ඇතුළු සැකකාරියන් 15 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ල අගෝස්තු 17 යළි කැඳවීමට කොළඹ මහේස්ත්රානත් අධිකරණය අද නියෝග කළා.
2022 වසරේ කොළඹ නිදහස් චතුරශය අසළ නීති විරෝධී ලෙස වීථි නාට්‍යක් රඟදැක්වීමෙන් මහජන පීඩාවක් ඇති කළ බවට ඇයට චෝදනා එල්ල වී තිබෙනවා.
පැමිණිල්ල කොළඹ මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම මහතා හමුවේ අද කැඳවනු ලැබුවා. එහිදී කුරුඳුවත්ත පොලීසියේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ, මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර අදාළ තොරතුරු උපදෙස් ලබා ගැනීම සඳහා නීතිපතිවරයාට ඉදිරිපත් කර ඇති බවයි.
