සිය න්‍යෂ්ටික මධ්‍යස්ථානයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් ඊශ්‍රායල න්‍යෂ්ටික මධ්‍යස්ථානයකට යාබද ඩිමෝනා නගරයට ඊයේ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවාඑම නගරය පිහිටා ඇත්තේ දකුණුදිග ඊශ්‍රායලයේ පිහිටි න්‍යෂ්ටික බලාගාරයට කිලෝමීටර 13ක දුරකින්.
ප්‍රහාරයෙන් 47 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.මීට අමතරව,දකුණුදිග ඊශ්‍රායලයේ පිහටි එරාට් නගරයට එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරවලින් 88 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ,ඉන10 දෙනෙකුගේ තත්වය බරපතල බවයි.
මේ පිළිබඳ අදහස් දක්වමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ,හදිසි සහන සේවා කණ්ඩායම් මේ වන විටත් ක්‍රියාත්මක බවයි.
ජනතාවටද ආරක්ෂක උපදෙස් පිළිපදින ලෙස දැනුම් දී තිබෙනවා.
