සිංහ, බංගලි ටෙස්ට් ගැටුම

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර, පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි.

ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන එහි, පළමු දිනයට තරගය නතර කරන විට බංග්ලාදේශය පළමු ඉනිමට කඩුලු 3 ක් දැවී ලකුණු 292 ක් ලබා සිටියා.

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුලු තුන දැවී ගියේ ලකුණ 45 ක් තුළ යි.

අනතුරුව නායක නජ්මුල් හොසේන් ෂැන්ටෝ සහ මුෂ්ෆිකර් රහීම් පස්වන කඩල්ල සඳහා ලකුණු 247 ක නොබිඳුණු සබඳතාවක් ගොඩනගා තිබෙනවා.

ෂැන්ටෝ ඊයේ වාර්තා කළේ තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ 6 වන ශතකය යි.

මුෂ්ෆිකර් රහීම්, තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ 12 වන ශතකය ඊයේ වාර්තා කළා.

ඊයේ දිනය නිමා වනවිට ෂැන්ටෝ නොදැවී ලකුණු 136 ක් ලබා සිටි අතර මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 105 යි.