2026 මැයි මස 30 වන දින මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන වර්ගවල සිල්ලර මිල ගණන් සංශෝධනය කිරීමරට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රු. 15.00 කින් ඉහළ යන අතර නව මිල රු. 407.00 කි. ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 ලීටරයක මිල රු. 20.00 කින් ඉහළ යන අතර එහි නව මිල රු.478.00කි. ලංකා භූමිතෙල් ලීටරයක මිල රු. 20.00 කින් ඉහළ යන අතර එහි නව මිල රු. 285.00කි. ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යුරෝ 4 ඉන්ධන ලීටරයක මිල රු. 25.00 කින් ඉහළ යන අතර එහි නව මිල රු. 495 කි. පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිල රු. 24.00 කින් ඉහල යන අතර ඒ අනුව එහි නව මිල රු. 434.00 කි. අදාල නිවේදනය පහතින්……
