ඉරානයේ ප්‍රබල භූමිකම්පාවක්

උතුරු ඉරානයේ රික්ටර් මාපක 5.1 භූමිකම්පාවක් සිදුව ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසනවා.

සෙම්නාන් නගරයට නිරිත දෙසින් කිලෝමීටර් 37 (සැතපුම් 23) ක් පමණ දුරින්, කිලෝමීටර් 10 (සැතපුම් 06) ක් ගැඹුරට භූමිකම්පාව සිදුව ඇත.

කිසිදු ජීවිත හානියක් නොමැති බවයි විදෙස් මාධ්‍යය වාර්තා කළේ.