හොර සල්ලි සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

ඊයේ (20) දින දහවල් කාලයේ හතරලියද්ද පොලිස් වසමේ වෙළදසැලකට පැමිණි පුද්ගලයෙකු ව්‍යාජ රුපියල් 5000/- මුදල් නොට්ටුවක් ලබාදීමක් සම්බන්ධයෙන් හතරලියද්ද පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන සිදුකර ව්‍යාජ මුදල් නෝට්ටු සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සන්තකයේ තිබී රුපියල් 5000/- ව්‍යාජ මුදල් නෝට්ටු 03 ක්, රුපියල් 500 ව්‍යාජ මුදල් නොට්ටු 02ක්, රුපියල් 100 ව්‍යාජ මුදල් නොට්ටු 02 ක් හමුවී ඇති අතර සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී ව්‍යාජ රුපියල් 50 නොට්ටු මුද්‍රණය කරන ලද මුද්‍රිත කඩදාසි 09ක්, ව්‍යාජ රුපියල් 100 නොට්ටු මුද්‍රණය කරන ලද මුද්‍රිත කඩදාසි 04ක්, ව්‍යාජ රුපියල් 500 නොට්ටු මුද්‍රණය කරන ලද මුද්‍රිත කඩදාසි 04ක්, ව්‍යාජ රුපියල් 5000 නොට්ටු මුද්‍රණය කරන ලද මුද්‍රිත කඩදාසි 06ක් තිබී සොයාගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 32 ක් වන උඩුව, මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම මව්‍යාජ මුදල් නොට්ටු මුද්‍රණය කල සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන නිලධාරීන් ගලගෙදර ප්‍රදේශයේ පිහිටි ආයතනයකට ගොස් ඇති අතර සැකකරු එම අවස්ථාවේ ආයතනයේ සිට නොමැති අතර මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා යොදාගත් පරිඝණක යන්ත්‍රයක් හා මුද්‍රණ යන්ත්‍රයක් අත්අඩංගුවට ගෙන ඇත.

හතරලියද්ද පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.