බස්නාහිර පළාතෙන් ඩෙංගු රෝගීන් 31,249ක් වාර්තා වෙයි

දිවයිනේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 59,638 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ‍

ඩෙංගු මරණ සංඛ්‍යාවද 39 දක්වා ඉහළ ගොස් ඇති බවයි ‍ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වාදෙන්නේ.

දිවයිනේ ඩෙංගු අධි අවදානම් මහජන සෞඛ්‍ය පරීක්ෂක බලප්‍රදේශ 142 ක් හදුනාගෙන තිබෙනවා.

ඒ අතරින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්.

එය දිවයිනේ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාවෙන් සියයට 52 ක්.

බස්නාහිර පලාතේ කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්කවලින් මේ දක්වා ඩෙංගු රෝගීන් 31,249 ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වාදෙනවා.

එබැවින් එම දිස්ත්‍රික්ක මූලික කරගනිමින් මේ වනවිටත් විශේෂ ඩෙංගු මර්දන වැඩපිලිවෙළක් ක්‍රියාත්මක බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වාදෙන්නේ.