සිය ධුර කාලය අවසන් කර, ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ අද (31) දින ශ්‍රී ලංකා හමුදාපති ධුරයෙන් විශ්‍රාම යාමට නියමිතයි.
ලුතිනන් ජෙනරාල් රොද්‍රිගෝ 2024 දෙසැම්බර් 30 වන දින, මෙරට 25 වන යුද හමුදාපතිවරයා ලෙස එම ධුරයට පත් වුණා.
කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ ඔහු 1989 ජනවාරි 20 වන දින ශ්‍රී ලංකා හමුදා නිත්‍ය බලකායට කැඩෙට් නිලධාරියෙකු ලෙස සම්බන්ධ වීමෙන් සිය හමුදා ජීවිතය ආරම්භ කළා.
