ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසන්නේ, දැනට ඊශ්‍රායලයේ පවතින තත්වය හමුවේ ශ්‍රී ලංකාවට යාමට අපේක්ෂිත පිරිස වෙනුවෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.
ජෝර්දානයේ අම්මාන් සිට ඉන්දියාවේ නවදිල්ලි දක්වා ගමන් කරන ගුවන් යානාවල ආසන කිහිපයක් ලබාදීමට ඉන්දියානු රජය එකඟ වී ඇති බවද ඔහු පවසනවා.
ඒ අනුව, ඒවායේ ගමන් කිරීමට අපේක්ෂා කරන පිරිස තානාපති කාර්යාලයට පැමිණ ලියාපදිංචි විය යුතු වනවා.
ටෙල්අවීව් සිට ජෝර්දානයේ අම්මාන් නුවර දක්වා ප්‍රවාහන පහසුකම් නොමිලේ ලබාදෙන අතර, අම්මාන් සිට නවදිල්ලි නුවර දක්වා ගුවන් ගමන් සඳහා මුදල් අය නොකෙරෙන බවයි දන්වා ඇත්තේ.
එමෙන්ම නවදිල්ලි සිට කොළඹ අතර, ගුවන් ගමන් සඳහා තමන් පෞද්ගලිකව මුදල් ගෙවා ටිකට් පතක් ලබා ගතයුතු බවද තානාපති කාර්යාලය දන්වා සිටිනවා.
මේ සඳහා කැමැත්ත දක්වන පිරිස අද සහ හෙට පමණක් ලියාපදිංචි කර ගැනෙනවා.
මේ සඳහා ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයද සහය ලබාදෙන බවයි නිමල් බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටින්නේ.
අසීරු වාතාවරණය යටතේ වුවද ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන අතර, ශ්‍රී ලංකාව බලා යාමට අපේක්ෂිත පිරිසට පහසුකම් සැලසීමට කාර්ය මණ්ඩලය සූදානමින් සිටින බව ඔහු පවසනවා.
