සමිත්පුර චතු ගැන තොරතුරු රැසක් හෙළි වෙයි

ශ්‍රී ලංකාවෙන් පලාගොස් ඕමාන්හි සැඟව සිටි රතු නිවේදන නිකුත් කරන ලද සංවිධානාත්මක අපරාධකරුවෙකු අද (18) දින අළුයම් කාලයේදී දිවයිනට රැගෙන එන ලදී.

සැකකරු වයස අවුරුදු 28ක් වන මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ගනේමුල්ල සංජිව ඝාතනයට ආධාර අනුබල දීම, මට්ටක්කුලිය පොලිස් වසමේ සිදුකළ මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දීම, ජීව අත්බෝම්බයන් සන්තකයේ තබාගැනීම මෙම සැකකරුට එරෙහිව ඇති අපරාධ චෝදනාවන්.

මෙම සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම් හා අනෙකුත් සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මගින් නීති විරෝධී ලෙස උපයාගෙන ඇති බවට සැකකෙරෙන වත්කම් පිළිබඳවද ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීමට නියමිතව ඇත.

කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.