ගල්නෑවෙන් ඇසුණු අමිහිරි පුවත

ගල්නෑව පොලිස් වසමේ ගලේවෙල පාර, ගල්නෑව ප්‍රදේශයේදී ඊයේ (23) දින දහවල් දරුවෙකු ඇළකට වැටී දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දරුවා නිවසේ නොමැති බවට දරුවාගේ පියා විසින් කළ පැමිණිල්ලකට අනුව ප්‍රදේශවාසීන් හා ගල්නෑව පොලිසිය එක්ව අවට ප්‍රදේශය සෝදිසි කර ඇත.

එහිදී දරුවා පදිංචිව සිටි නිවස ආසන්නයේ ඇති ජලය ගලා යන ඇල මාර්ගයේ ඇති පාලමක සිර වී සිටියදී හමු වී ඇත.

කඩිනමින් දරුවා ගල්නෑව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මියගිය දරුවා අවුරුදු 02 ක් වූ ගල්නෑව ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.

මෘතදේහය ගල්නෑව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධව ගල්නෑව පොලිසිය විසින් විමර්ශන සිදුකරනවා.