ගංජා කැබලි කර වියලා කවරවලට අසුරමින් සිටියදී පොලිසියට මාට්ටු

පණාමුර මුල්ඇඞියාවල පැපොල්වතුයාය ප්‍රදේශයේදී ගංජා වියලනලද ගංජා කිලෝ 476 ග්රැම්455 සමඟ පනස්තුන් හැවිරිදි පුද්ගලයෙකු ඇඹිලිපිටිය පොලිසියේ දූෂණ මාසය මගින් ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබෙනවා.


මොහු පැපොල්වතුයාය ප්‍රදේශයේ ගංජා කැබලි කර වියලා කවර වලට අසුරමින් සිටියදී පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇඹිලිපිටිය පොලිසියට ලැබුණු තොරතුරක් මත දූෂණ මර්දන අංශය මගින් මෙම ගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇති අතර පනස් තුන් හැවිරි සැකකරු සහ ගංජා ඇඹිලිපිටිය මහේස්තුාත් අධිකරනයව ඉදිරිපත් කිරීමට නිමිතයි.