
බලන්ගොඩ නගරසභාවේ සභාපතිවරයා ලෙස ජාතික ජනබල වෙිගයේ කේ. .ජි.ප්‍රේමදාස මහතා අද (24) තේරි පත් වුනා.
සභාපතිවරයා තොරා පත් කර ගැනිම සදහා සබරගමුව පලාත් පාලන කොමසාරිස් එල්.එමි.පි.ඩබ්ලිව් .බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් බලන්ගොඩ නගරසභවෙිදි පැවැති රහස් ඡන්ද විමසිමකදිි ඒ මහතා ඡන්ද 08 ක් ලබා ගෙන බලන්ගොඩ නගරසභවෙි සභාපතිවරයා ලෙස තේරි පත් වුනා.
2025 පලාත් පාලන මැතිවරණයෙන්ද බලන්ගොඩ නගරසභාව සදහා කිසිම දේශපාලන පක්ෂයකට සියයට පනහකට වැඩි බහුතර බලයක් හිමිකර ගැනිමට නොහැකි වු අතර ඒ හේතුවෙන් සභාපතිවරයා පත් කර ගැනිම සදහා මෙලෙස පලාත් කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් ඡන්දයක් පැවැත්වුනා.
බලන්ගොඩ නගරසභවෙි සභාපතිවරයා ලෙස ජාතික ජනබල වෙිගයේ කේ. .ජි.ප්‍රේමදාස මහතාගේ නම සහ සමගි ජනබල වෙිගයේ මඩුවන්වල විමලසිරි මහතාගේ නම යෝජනා විය.
එහිදී සභාපතිවරයා තෝරා පත් කර ගැනිම සදහා ජාතික ජනබලවෙගයේන් රහස් ඡන්දයක් ඉල්ලා සිටි අතර සමගි ජනබල වෙිගයෙන් විවෘත ඡන්දක ඉල්ලා සිටියා.
ඒ සදහාද ඡන්දයක් පැවැත්මට පලාත් පාලන පනත අනුව කොමසාරිස්වරයා තිරණය කල අතර එහිදී රහස් ඡන්දයක් පවත්වන ලෙසට ඡන්ද 11 ක් ලැබි තිබුණ අතර විවෘත ඡන්දයක් පවත්වන ලෙසට ඡන්ද 05 ක් ලැබි තිබුණා.
ඒ අනුව සභාපතිවරයා පත් කර ගැනිම සදහා සභාවෙි වැඩි කැමත්ත මත රහස් ඡන්දයක් පැවැත්මට කොමසාරිස්වරයා තිරණ කල අතර ජාතික ජනබල වෙිගයේ කේ. .ජි.ප්‍රේමදාස මහතාට ඡන්ද 08 ක් ලැබිණි.
සමගි ජනබල වෙිගයේ මඩුවන්වල විමලසේන මහතාට ඡන්ද 06 ක් ද ඡන්ද දෙකක් ප්‍රතික්ෂේප වි තිබුණි.එක් ඡන්දයක් ප්‍රතික්ෂේප වි තිබුණ අතර එක් අයෙකු ඡන්ද දිමෙන් වැලකි සිට තිබුණ.
උප සභාපති ලෙස ජාතික ජනබල වෙිගයේ පේෂල තුෂාර මහතා පත් කෙරිණි නව සභාපතිවරයා මාධ්‍යට අදහස් දැක්වූවා
මෙම අවස්ථාවෙි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්ම කුමාර .වසන්න පුෂ්පකුමාර .උපුල් කිස්සිරි මන්ත්‍රීවරුන් ද පැමිණි සිටියා.
ජාතික ජනබල වෙිගයේ මන්ත්‍රී 07
සමගි ජනබල වෙිගය 05
පොදු ජන පෙරමුණ 02
ඵක්සත් ජාතික පක්ෂය 01
ස්වාධීන . 01