ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උලෙළේ හොකී මූලික වටයේ තරගයකින් ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
ඒ ඉන්දුනීසියානු කණ්ඩායම පරාජය කරමින්.
මූලික වටයේ ඒ කාණ්ඩයෙන් පැවති තරගයේ පළමු අර්ධයේදී ගෝල 2 ක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
එම ගෝල වාර්තා කලේ ධම්මික රණසිංහ සහ සදරුවන් බටුවිට යන ක්‍රීඩකයන් විසින්.
ඒ තරගයේ 11 වැනි සහ 23 වැනි මිනිත්තු වලදී. පළමු අර්ධයේදී ඉන්දුනීසියාව වාර්තා කළේ එක් ගෝලයක් පමණයි.
ඒ අනුව ගෝල 2 ට 1 ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටියදී තරගයේ පළමු අර්ධය අවසන් වුණා.
දෙවැනි අර්ධයේදී දෙපිළම ගෝල 2 බැගින් ලබාගත්තා. ඒ අනුව තරගය අවසන් වුණේ ගෝල 4 ට 3 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට ජය හිමිකර දෙමින්.
