“තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” වැඩසටහන යටතේ අඩු ආදායම්ලභී පවුල් රැසකට ස්ථිර නිවාස හිමිකම් ලබාදීමේ වැඩසටහන දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මක වෙනවා.
අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල මේ වසරේ ඉදිකෙරෙන නිවාස සංඛ්‍යාව 1,177කට අධිකයි. ඉන් 527 ක වැඩ සම්පූර්ණයෙන්ම අවසන් කර තිබෙනවා.
ලෝක ජනාවාස දිනයට සමගාමීව අද (05) දින එම නිවාස සමග දිවයින පුරා නිවාස පන්දහසක් ජනතා අයිතියට පත් කිරීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය කටයුතු කර තිබෙනවා.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක මෙම නිවාස වැඩසටහන යටතේ මේ වසර තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් නිවාස 820කට අධික සංඛ්‍යාවක් ඉදිකෙරෙනවා. ඉන් නිවාස 350ක වැඩ සම්පූර්ණයෙන් අවසන්.
අඩු ආදායම්ලාභී සහ විශේෂ අවශ්‍යතා සහිත පවුල් තෝරා ගනිමින් නිවාස ඉදිකර ගැනීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදී තිබෙනවා.