අහුන්ගල්ල, ගල්වෙහෙර ප්රදේශයේ නිවසක සිටි වයස අවුරුදු 74 ක පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශකර සිටි සැකකරුවෙකු අද (04) දින අළුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මගින්.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ අහුන්ගල්ල පොලිස් වසමේ ගල්වෙහෙර ප්රදේශයේදී.
සැකකරු අවුරුදු 26 ක් වන අහුංගල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරුගෙන් සිදු කරන ලද වැඩිදුර ප්රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු මත මෙම අපරාධයට යොදාගත් බවට සැකකරන පිස්තෝල අවියක්ද ගල්වෙහෙර ප්රදේයේ නිවසක සඟවා තිබියදී සොයාගෙන ඇත.
ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
