වේරහැර පොලිස් වසමේ වේරහැර ජනාතා මාවත ප්‍රදේශයේදී ඊයේ (04) දින උදෑසන ව්‍යාජ තාවකාලික රියැදුරු බලපත්‍ර සකස්කල සැකකරුවෙකු හා සැකකාරියක් ව්‍යාජ තාවකාලික රියැදුරු බලපත්‍රක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකරන ලද විමර්ශනයකට අදාලවයි.
සැකකාරිය අවුරුදු 43 ක් හා සැකකරු අවුරුදු 49 ක් වූ ජනාතා මාවත, වේරහැර ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවලකි.
සිදුකල වැඩිදුර විමර්ශනයේදී සැකකරු හා සැකකාරිය විසින් වසර එකහමාරක පමණ කාලයක සිට මෙම ව්‍යාජ තාවකාලික රියැදුරු බලපත්‍ර සකස් කර මුදලට අලෙවිකර ඇති බවට අනාවරණය වී ඇත.
ගල්කිස්ස පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
