අධිවේගයට සැප බස් 200ක්

අධිවේගී මාර්ග මෙහෙයුම් සඳහා නව අධි සුඛෝපභෝගි බස් රථ 200 ක් මිලදී ගැනීමට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මූල්‍ය හැකියාව ඇති ඩිපෝ මඟින් අධි සුඛෝපභෝගි බස් රථ 29 ක් සෘජුවම මිලදී ගැනීමට නියමිතයි.

සෙසු බස් රථ ශ්‍රී ලංගම අරමුදල් භාවිත කරමින් මූලික ගෙවීම් සිදුකර ඉතිරි මුදල වසර 5 ක් තුළ මාසික වාරික වශයෙන් ගෙවා මිලදී ගැනීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා‍.

යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින්.