මියන්මාරයේ රොහින්ග්‍යා ජනතාවට එරෙහිව මියන්මාර රජය ජන සංහාරයක් සිදුකර ඇතැයි එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණය තීන්දු කර තිබෙනවා.
ජාත්‍යන්තර අධිකරණයක් විසින් රාජ්‍යයක් ජන සංහාරයකට වරදකරු කළ පළමු අවස්ථාව මෙයයි.
රොහින්ග්‍යා ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් විනාශ කිරීමේ චේතනාවෙන් මියන්මාරය කටයුතු කර ඇති බව ජාත්‍යන්තර අධිකරණය පවසනවා.
2017 වසරේදී මියන්මාර හමුදාව දියත් කළ මෙහෙයුම් හේතුවෙන් රොහින්ග්‍යා වැසියන් දස දහසක් ඝාතනයට ලක් වුණා.
එමෙන්ම හත් ලක්ෂයකට අධික පිරිසක් බංග්ලාදේශයට පලා ගිය බවයි අධිකරණය පෙන්වා දෙන්නේ.
කාන්තාවන් සහ ළමයින්ට එරෙහිව ලිංගික ප්රචණ්ඩත්වය ඇතුළු බරපතළ අපරාධ සිදුකර ඇති බවත්, සාක්ෂි විනාශ කිරීමට මියන්මාර හමුදාව කටයුතු කර ඇති බවත් අධිකරණය සඳහන් කළා.
ගැම්බියාව විසින් ඉදිරිපත් කළ මෙම නඩුවේ තීන්දුව ලබාදී ඇත්තේ විනිසුරුවරුන් නවදෙනෙකුගේ අධිකරණයේ බහුතර එකඟතාවයෙන්.
ජන සංහාරයට වගකිව යුතු පාර්ශ්වවලට වන්දි ගෙවීමේ වගකීම ද මියන්මාරයට පැවරෙන බව ජාත්‍යන්තර අධිකරණය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
මෙම ඓතිහාසික තීන්දුවත් සමඟ බ්‍රිතාන්‍ය රජය මියන්මාරයේ ආරක්ෂක උපදේශකවරයා එරටින් පිටුවහල් කිරීමටද පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
