
තිස්සමහාරාම, ලුණුගම්වෙහෙර අධ්‍යාපන කලාප තුල 2024 වසරේ පහවසර ශිෂ්‍යත්ව විභාගය සමත්ව මේ වනවිටත් ඒ සඳහා නිසි පාසලක් දරුවන්ට නොලැබුණු දෙමාපියන් පිරිසක් තම දරුවන්ට නියමිත පාසලක් ලබාදෙන ලෙස ඉල්ලා අද (25) පෙරවරුවේ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වෙන ලදී.
විරෝධතාවයේ නියැලුණු දෙමාපියන් කියා සිටියේ මෙය වසර ගණනාවක් තිස්සේ මෙම ප්‍රදේශයන්හි දරුවන්ට සිදුවන බලවත් අසාධාරනයක් බවයි. අපිට කිසිදු රජයකින් මේ සඳහා නිසි විසදුමක් නොලබුබවයි. මෙහිදී ඔහුන් කියා සිටියේ ප්‍රදේශයේ තිබෙන ප්‍රථමික පාසල් අතරින් පෝෂිත පාසලක්ද නොවන ප්‍රථමික පාසල් වල ශිෂ්‍යත්ව අසමත් දරුවෝ දෙඹරවැව ජාතික පාසලට බදවා ගැනීම සිදු කරනු ලබන අතර පහවසර ශිෂ්‍යත්ව විභාගය සමත්ව හෝ කඩයිම් ලකුණු වලට ඉහල සිටින දරුවන් එම පාසලට බදවා ගැනීමට කටයුතු නොකරන බවයි, මෙම කරණය නිසා වසරකට අසන්න කාලයක් තම දරුවන්ට නියමිත පාසලක් නොමැතිව අධ්‍යාපනය නොලබා නිවසට වී සිටීමට සිදුවී තිබෙන බව එම දේමා පියන් බලධාරීන්ට චෝදනා කරනු ලැබේ. මෙයට හේතුව බලය ,නිලය,මුදල මත පමණක් සලකා මෙම පාසලට ලමන් බඳවා ගැනීම බවයි එම දේමා පියන් කියා සිටියේ.
විශේෂයෙන්ම පහල සිටින නිලධාරීන් විසින් ඉහල සිටින නිලධාරීන් හා දේශපාලන අධිකාරියද රවටා මෙම ප්‍රශ්නයේ සැබෑ තත්වය හෙළි නොකට ඇත්ත නොමැතික ලෙස කටයුතු කරමින් සිටින බවද දෙමාපියන් කියා සිටියේය.