මහවැලි ‘ඩී’ කලාපයේ ප්‍රධාන වාන් ඇලක් වසර දහයකට පසු ප්‍රතිසංස්කරණයට

මහවැලි ‘ඩී’ කලාපයේ වැව් තුනකට අයත් ප්‍රධාන වාන් ඇල ප්‍රතිසංස්කරණය අද ආරම්භ කෙරුණා.  ඒ, වසර දහයකට පසුවයි.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ මහවැලි පුනරුදය යටතේයි.  ඩී කලාපයට අයත් මැද වැව, සමගිවැව, දිමුතු වැව මගින් ගොවි බිම් අක්කර 130 ක් පමණ පෝෂණය වනවා.  සෑම වසරකම එම වැව් වාන් දැමීම නිසා නිසි ජල වහන පද්ධතියක් නොමැති වීමේන් ගොවීන් දැඩි දුෂ්කරතාවට ලක්ව සිටිනවා.  ඇල ප්‍රතිසංස්කරණයට රුපියල් ලක්ෂ දහයක පමණ මුදලක් වැය කිරීමට නියමිතයි.  ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරුණේ, නියෝජ්‍ය අමාත්‍ය ටී.බී.සරත් මහතාගේ ප්‍රධානත්වයෙන්.