“TechnoExpo 25 – UCM” ප්‍රදර්ශනයක්

වෘත්තීය තාක්ෂණික විශ්වවිද්‍යාලයට අයත් මාතර විශ්වවිද්‍යාල විද්‍යායතනයේ සිසු දරුවන් සංවිධානය කරනු ලැබූ “TechnoExpo 25 – UCM” ප්‍රදර්ශනය මාතර විශ්වවිද්‍යාල විද්‍යායතන භුමියේ දී පැවැත්විණි.

මෙම අවස්ථාවට වෘත්තීය අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා, විද්‍යායතනයේ ප්‍රධාන විධායක නිලධාරී එන්.එස්.කුමාරසිංහ මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන් පිරිසක්, සිසු දරුවන් සහ අවට පාසල් වල ශිෂ්‍යය ශිෂ්‍යාවන් රැසක් ද සහභාගී විය.

මෙහිදී සිසු දරුවන් සහ ආචාර්ය මණ්ඩලය මුහුණපාන ගැටළු සහ ඔවුන්ගේ පහසුකම් සම්බන්ධයෙන් වැඩිදුරටත් සොයාබලමින් සාකච්ඡාවක නිරත වූ නියෝජ්‍ය අමාත්‍යවරයා භූමියේ පවතින ඉඩකඩ ගැටළුවට පිළියමක් ලෙස දැනට භාවිත නොකරන යාබද රජය සතු ඉඩමක් යොදාගැනීමට ඇති හැකියාව පිළිබඳව ද සොයා බැලීමටත් ඒ අවට නිරීක්ෂණ චාරිකාවකට එක්වීමත් සිදුවිය.