කතරගම ඇසළ මංගල්‍යය ඇරඹේ

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්ලය අද (26) ආරම්භ වනවා.

කද කුමරුන් හා වල්ලි දෙවගනගේ විවාහය සනිටුහන් කරමින් ඇසළ මංගල්ලය සෑම වසරකදීම පැවැත්වෙනවා.

ඇසළ මංගල්ලයට සමාගාමිව ඊයේ රාත්‍රි දේවාල පුදබිමේ පිහිටි මණ්ඩපයේදී පිරිත් පිංකම සිදු කරන ලැබුවා.

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති රාජකීය පණ්ඩිත කොබවක ධම්මින්ද හිමි රුහුණු මාගම් පත්තුවේ අධිකරණ සංඝනායක කතරගම ශ්‍රී අභිණවාරාමාධිපති ශ්‍රස්ත්‍රපති කපුගම සරණතිස්ස හිමියන් ප්‍රමුඛ මහා සංඝයා වහන්සේලා මෙම අවස්ථාව සඳහා වැඩමවිය.

රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතාගේ සංවිධානයෙන් මෙම පිංකම සිදුවිය.