
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වකුගඩු ආරක්ෂණ පදනමේ ඉල්ලීම පරිදි ඇමරිකාවේ ශාක්‍ය මුණි බෞද්ධ මධ්‍යස්ථානය මගින් වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දුකරණය සඳහා නව රුධිර කාන්දු කරන උපකරණයක් ලබාදීම අද(25) උදෑසනදී සිදුවිය.
3658000/= ක මුදලක වටිනාකමින් යුත් මෙම රුධිර කාන්දු කරන උපකරණය සඳහා ලක්ෂ තිස් එකක මුදලක් ඇමරිකාවේ ශාක්‍ය මුණි බෞද්ධ මධ්‍යස්ථානය මගින් ද ශ්‍රී ලංකාව වෙත එය ලබා ගැනීමේදී බදු මුදල වශයෙන් පන්ලක්‍ෂ පනස්අටදාහක මුදලක් අනුරාධපුර වකුගඩු ආරක්ෂණ පදනම මගින්ද ලබාදීමෙන් මෙම උපකරණය අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ලබා ගැනීමට කටයුතු යොදා තිබුණි.
වකුගඩු රෝගීන් බහුලව සිටින අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි වකුගඩු රෝහල සඳහා මෙවැනි උපකරණයක් ලබාදීම මහත් ආනිශංස ගෙනදෙන කරුණක් බව මෙහි ප්‍රධාන අනුශාසකත්වය දරන අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් විසින් සඳහන් කර සිටියහ.
මෙම අවස්ථාව සඳහා ඇමරිකාවේ ශාක්‍ය මුනි බෞද්ධ මධ්‍යස්ථානය වෙනුවෙන් සහභාගි වූ දෙපලක් ද,අනුරාධපුර ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පුබුදු රණවීර,වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය නදීෂා නිශාන්ති,වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය රුවිනා අලහකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළු වකුගඩු රෝහල් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාද වකුගඩු ආරක්ෂණ පදනමේ සභාපති ජී චන්ද්‍රදාස මහතා ඇතුළු පිරිසක්ද සහභාගි වීී සිටියහ.