ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි.

පළමු දිනට ඊයේ තරගය නිමා වනවිට බංග්ලාදේශ කණ්ඩායම, ප්‍රථම ඉනිම සඳහා කඩුළු 8 ක් දැවී ලකුණු 220 ක් රැස්කරගෙන සිටියා. අද දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 25 ක් ලබා සිටි නයීම් හසන් දවා ගැනීමට අසිත ප්‍රනාන්දු සමත් වුණා. එබඩොට් ‍හොසේන් ලකුණු 8 යි. ඒ අනුව, බංග්ලාදේශ කණ්ඩායමේ පළමු ඉනිම සියලුදෙනා දැවී ලකුණු 247 කට සීමා වුණා. පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු සහ සොනාල් දිනූෂ කඩුලු 3 බැගින් බිඳ හෙලුවා. විශ්ව ප්‍රනාන්දු කඩුලු 2 යි.