
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි. ඊයේ දිනට තරගය අවසන් වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම, සිය පළමු ඉනිම සඳහා කඩුලු 2 ක් දැවී ලකුණු 290 ක් ලබා සිටියා. තරගය පැවැත්වෙන්නේ කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී.
බංග්ලාදේශ කණ්ඩායමේ පළමු ඉනිම සියලුදෙනා දැවී ලකුණු 247 කට සීමා වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ පැතුම් නිස්සංක සහ ලහිරු උදාර. ඔවුන් දෙදෙනා ලකුණු 88 ක ශක්තිමත් ආරම්භයක් ලබා ගත්තා. ලහිරු උදාර ලකුණු 40 යි. පැතුම් නිස්සංක සමඟ දිනේෂ් චන්දිමාල් දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 194 ක සබඳතාවක් ගොඩනැගුවා. දිනේෂ් චන්දිමාල් තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ 34 වැනි අර්ධ ශතකයද සමඟින් ලබාගත් ලකුණු සංඛ්‍යාව 93 ක්. පැතුම් නිස්සංක ඊයේ ලබාගත්තේ, සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 4 වැනි ශතකයයි. ඔහු ඊයේ දිනය නිමා වනවිට ලකුණු 146 ක් ලබා කඩුල්ලේ රැඳී සිටියා. ප්‍රභාත් ජයසූරිය නොදැවී ලකුණු 5 යි. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 43 ක් ඉදිරියෙන් පසුවනවා.